32.2 C
Galle

අල්ලස් ගත් කම්කරු නිලධාරියෙකුට වසර 06ක සිර දඬුවම්, තීන්දුව දෙන්න වසර 15ක් ගිහින්

Published:

අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට වරදකරු වූ හපුතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ දඩ නියම කර තිබේ.

2009 වසරේදී වැල්ලවාය, වීරසේකරගම ප්‍රදේශයේ කුකුළු ගොවිපළක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 15,000ක අල්ලසක් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම නඩුව පවරා තිබුණි.

වසර 15කට අධික කාලයක් විභාග වූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා සඳහන් කළේ විත්තිකරුට එරෙහි චෝදනා තුනම සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.

ඒ අනුව එක් එක් චෝදනාවට වසර 06 බැගින් (එකවර ගෙවී යන පරිදි) සිරදඬුවම් නියම වූ අතර, රුපියල් 15,000ක දඩයක් සහ අල්ලස් ලෙස ලබාගත් මුදලට සමාන තවත් රුපියල් 15,000ක අතිරේක දණ්ඩන මුදලක් ගෙවන ලෙස ද අධිකරණය නියෝග කළේය.

Related articles

Recent articles

error: Content is protected !!