29.4 C
Galle

ගාල්ල දොඩංදූවේ පෙරහැරක සිදු වූ, අවාසනාවන්ත සිද්ධිය

Published:

ගාල්ල දොඩංදූව ගංගාරාම විහාරස්ථානයේ අද (28) පැවති සංඝමිත්තා පෙරහැර අතරතුර කුපිත වූ අලියකු පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

මෙම පෙරහැර ගෙනවිත් සිටි බිබිලේ අලියා නමින් හඳුන්වන අලියා දොඩංදූව පාලම මතින් ගමන් කරමින් සිටිය දී තමන්ට පසෙකින් සිටි ඇත්ගොව්වාට පහර දී බිම පෙරළා සිරුරෙන් තද කර ඇත.

පෙරහැර නැරඹීමට පැමිණි පිරිස් සී සී කඩ දිව යද්දී ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දිව ගිය අලියා මෙල්ල කර ගැනීමට තවත් ඇත්ගොව්වකු කටයුතු කර ඇත.

රෝහල් ආරංචිමාර්ග පවසන්නේ තුවාල ලැබූ පුද්ගලයාගේ තත්වය බරපතල බවයි. ඔහු දැඩි සත්කාර ඒකකට ඇතුල් කර ඇත.  

Related articles

spot_img
error: Content is protected !!