29.4 C
Galle

දේශබන්දු අධිකරණයට භාර වෙයි

Published:

වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට 2023 වර්ෂයේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) දහවල් ඉදිිරිපත් වූයේ ය.

ඔහු අත්අඩංවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්කරන ලෙස අභියාචනාධිකරණයට ගොනුකරන ලද පෙත්සම පෙරේදා අභියාචනාධිකරණය විසින් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමෙන් පසු හෙතෙම මෙලෙස අධිකරණයට පැමිණ තිබිණි.

ඒ අනුව එම සිදුවීමට අදාළ නඩුව අද (19) සවස මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැනීමට නියමිතව ඇත.

Related articles

spot_img
error: Content is protected !!