28.3 C
Galle

පස් කණ්ඩියකට යට වී පුද්ගලයකු මරුට

Published:

පස් කණ්ඩියක් කඩා වැටීමෙන් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පැල්මඩුල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පුටුහපුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පෙදරේරුවෙකි.

ඊයේ (08) ගොඩනැගිල්ලක් පිටුපස පස් කණ්ඩියකට ආරක්ෂිත බැම්මක් ඉදිකරමින් සිටිය දී පස් කණ්ඩිය කඩා වැටී ඇත. තුවාල ලබා ඇත්තේ එම ගොඩනැගිල්ලේ හිමිකරු බව ද පොලිසිය සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!