27.1 C
Galle

සුපිරි වෙළඳ සංකීර්ණයේ විෂ වායුව 19ක් රෝහලට යවයි

Published:

ජපානයේ ටෝකියෝ අගනුවර පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයකින් සැර සුවඳක් ව්‍යාප්ත වීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 19 දෙනෙකු රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ටෝකියෝවේ සුප්‍රසිද්ධ ‘ගින්සා 6’ (Ginza 6) නමැති සුඛෝපභෝගී වෙළෙඳ සංකීර්ණයේ බිම් මහලේ පිහිටි ස්වයංක්‍රීය ටෙලර් (ATM) යන්ත්‍රයක් අසලදී පුද්ගලයෙකු විසින් කිසියම් ද්‍රව්‍යයක් ඉසීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

එම ද්‍රව්‍යය මිරිස්වල අඩංගු ‘කැප්සයිසින්’ (Capsaicin) නැමැති රසායනිකය අඩංගු උත්තේජක ඉසින (Irritant Spray) වර්ගයක් විය හැකි බවට බලධාරීන් සැක කරන අතර සිද්ධියෙන් පසු පලාගිය සැකකරු සොයා පොලිසිය පුළුල් පරීක්ෂණ අරඹා ඇත.

සිද්ධිය වූ ස්ථානය අසල සිටි පුද්ගලයන් ප්‍රකාශ කළේ මෙම වායුව ආඝ්‍රාණය වීමත් සමඟ තමන්ගේ උගුර රිදවීමට සහ කසන්නට පටන් ගත් බවයි. එහි සිටි 70 හැවිරිදි කාන්තාවක අදහස් දක්වමින් කියා සිටියේ තමන් ඒටීඑම් යන්ත්‍රය දෙසට යන විටම උගුරේ දැවිල්ලක් සහ හිරිවැටීමක් දැනුණු බවත්, මුලදී වෙළෙඳ සංකීර්ණයේ කුඩා ගින්නක් හටගෙන ඇති බවට තමන් සිතූ බවත්ය

සිද්ධියත් සමඟ විශාල පොලිස් නිලධාරීන් පිරිසක්, ගිනි නිවන භටයන් සහ ගිලන්රථ සේවකයින් වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණි අතර ආරක්ෂිත ඇඳුම් (Hazmat Suits) හැඳගත් සහන සේවා නිලධාරීන් විසින් වෙළෙඳ සංකීර්ණය තුළ සිටි පිරිස් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි

ආරක්ෂක හේතූන් මත වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට මාර්ගය තාවකාලිකව වසා දැමුණු අතර සහන සේවකයින් විසින් වෙළෙඳ සංකීර්ණයේ ඇතැම් කොටස් වට කරමින් ආරක්ෂිත ආවරණ යොදනු ලැබීය

Related articles

spot_img
error: Content is protected !!