26.5 C
Galle

පාසල් වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Published:

නාවලපිටිය, කැටබුලාව සිට හරංගල දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් අද (05) උදෑසන නාවලපිටිය තිස්පණේ හන්දිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්ව තිබේ.

අද උදෑසන 6.30ත් 7.00ත් අතර කාලයේදී මෙම අනතුර සිදුව ඇති අතර, වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 10ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බව පොලිසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේදී රථය තුළ සිසුන් පිරිසක් ගමන් කරමින් සිට ඇත.

අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් 13 දෙනෙකු සහ වෑන් රථයේ රියදුරු වහාම නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ. රෝහල්ගත කළ සිසුන් අතර අවුරුදු 7ත් 10ත් අතර වයස්වල පසුවන සිසුවියන් 11 දෙනෙකු සහ සිසුන් දෙදෙනෙකු සිටින බව නාවලපිටිය පොලිසිය තහවුරු කළේය.

Related articles

error: Content is protected !!