26.8 C
Galle

පාසලේ බෝ අත්තක් කඩා වැටී, සිසුවකු මරුට

Published:

බලංගොඩ රජවක මහා විද්‍යාලයේ බෝ ගසක අත්තක් කඩා වැටීමේන එක් සිසුවකු මියගොස් තවත් සිසුන් 16 දෙනකුට තුවාල සිදුව ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (12) දහවල් එම පාසලේ බෝ ගසේ විශාල අත්තක් පාසල් ගොඩනැගිල්ලක් මතට ඇද වැටී තිබේ. මෙම ගොඩනැගිල්ලේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති පවත්වාගෙන ගොස් ඇති අතර මියගොස් ඇත්තේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සි‍ටි කිවිර හිරුජ නමැති සිසුවෙකි.

තුවාල ලැබූ සිසුන් 16 දෙනා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එක් සිසුවකුගේ තත්වය බරපතල බැවින් ඔහු රත්නපුර මහ රෝහලටට මාරු කර යැවූ බව බලංගොඩ රෝහල් ආරංචිමාර්ග පවසයි.

Related articles

spot_img
error: Content is protected !!