26.8 C
Galle

රජරට රැජින එන්ජිම ගිනිගනී

Published:

අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රියේ එන්ජිමේ ගින්නක් හටගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අද (25) උදෑසන 5.00ට දුම්රිය අනුරාධපුරයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබිණි. දුම්රිය එන්ජිමේ ගින්නක් හටගැනීම නිසා එය නැවත අනුරාධපුර දුම්රිය ස්ථානයට ගෙනගොස් වෙත් එන්ජිමක් යොදවා දුම්රිය ධාවනය කෙරිණි. මේ හේතුවෙන් රජරට රැජින දුම්රිය පැය 2.30ක් පමණ කාලයක් ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය යළි ධාවනය ආරම්භ කර ඇත්තේ උදෑසන 7.30ට ය. එන්ජිමේ හටගත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Related articles

spot_img
error: Content is protected !!