26.8 C
Galle

මාපලගම තාවකාලික මාර්ගයක් කැඩී ගිහින්. පාර වසා දමයි

Published:

මහ වර්ෂාව හේතුවෙන් මාපලගම නාරංඕවිට පාලම අසළ ඉදිකර තිබූ විකල්ප මාර්ගයේ සම්පූර්ණයෙන් ම කැඩීයාම හේතුවෙන් එම මාර්ගය මේ වනවිට වසා දමා තිබේ.

ඇල්පිටියේ සිට පොරවගම හරහා මාපලගම දෙසට දිවෙන මාර්ගයේ නාරඕවිට පාලම පිහිටා තිබේ. මේ පාලම අබලන්ව තිබීම නිසා තාවකාලිකව විකල්ප පාලමක් ඉදිකර නාරංඕවිට පාලම අලුත්වැඩියා කිරීම් ආරම්භ කර තිබිණි.

ප්‍රදේශයට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් එම විකල්ප මාර්ගය සම්පූර්ණයෙන් ම කැඩී ගොස් ඇත. නැවත එය ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇතත් වෙනත් භාවිතා කරන මෙන් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඡායාරූප – Hasantha Dilan

Related articles

spot_img
error: Content is protected !!