26.8 C
Galle

විශ්‍රාමික ගුරු, විදුහල්පතිවරු පාරට බසිති

Published:

අධ්‍යාපන අමාත්‍යාංශයේ සුබෝධනි  කමිටුව විසින් වැඩි කරණ ලද වැටුප් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් විශ්‍රාමික ගුරු හා විදුහල්පතිවරු  අද (31) දහවල් ගාල්ල බස් නැවතුම්පොල ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන ලදී.

එහිදි විශ්‍රාමික ගුරු හා විදුහල්පතිවරුන්ගේ ජාතික සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධයක පී.ජී.පියතිස්ස කියා සිටියේ 1997 බී.සි.පෙරේරා වැටුප් කොමිසම විසින් රජයේ සේවකයින්ගේ වැටුප 60%කින් වැඩි කලත් ගුරුවරුන්ගේ වැටුප් වැඩි නොකළ බවයි.

“පසුව පත්කරණ ලද සුබෝධනි කමිටුව විසින් 2002 වසරේ සේවයේ සිටින ගුරු විදුහල්පතිවරුන්ට වැටුප් වැඩි කිරිමක් සිදු කලා. නමුත් විශ්‍රාමික අපට ඒ කිසිවක් ලැබුනේ නැහැ. එනිසා ලබන වසරේ අය වැයට බී.සී.පෙරේරා කොමිසම විසින්  ගුරු විදුහල්පතිවරුන්ට  වැඩි කරණ ලද වැටුප් වැඩිවිම ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.” හෙතෙම වැඩිදුරටත් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!