29.4 C
Galle

කාරයක්, මාතර කොළඹ පාර වසා දමයි

Published:

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දලවැල්ලේදි අද උදෑසන මෝටර් රථයක් විදුලි කණුවක හැපි සිදුවු අනතුරකින් එහි ගමන්ගත් දෙදෙනකු තුවාල ලබා රෝහල ගත කර ඇත.

මෝටර් රථය විදුලි කණුවේ හැපිම නිසා විදුලි කණුවද කැඩි අධි බලැති විදුලි රැහැන් ප්‍රධාන මාර්ගයට පහත්විම හේතුවෙන්  බර වාහන ගමනා ගමනයට සම්ප්‍රර්ණයෙන්ම බාධා පැමිණ ඇත.

පසුව පොලිසිය පැමිණ මාතර දෙසින් පැමිණෙන වාහන මිහිරිපැන්න හන්දියෙන් හරවා උණවටුන දක්වා ගමන් කරවිමටද ගාල්ල දෙසින් පැමිණි වාහන දලවැල්ල හන්දියෙන් හරවා මිහිරිපැන්න දක්වා ගමන් කරවිමටද පියවර ගනු ලැබිය.

මේ වනවිට විදුලි බල මණ්ඩලය පැමිණ විදුලි රැහන් ප්‍රධාන මාර්ගයෙන් ඉවත් කිරිමට පියවර ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!