27.3 C
Galle

වෙනිසියුලාවේ ජනාධිපතිට, ඇමෙරිකා අධිකරණයේ අධි චෝදනා

Published:

ඇමෙරිකාව විසින් අද (03) අලුයම සිදුකරන ලද හදිසි ප්‍රහාරයකින් පසු රැගෙන ගිය වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ට එරෙහිව අපරාධ නඩු පවරා ඇති බව ඇමෙරිකාවේ නීතිපති පැම් බොන්ඩි නිල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඇය පවසන්නේ වෙනිසියුලා ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ ඇති බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම හරහා ත්‍රස්තවාදී කටයුතුවලට අනුබල දීම, ඇමරිකාව තුළට විශාල වශයෙන් කොකේන් මත්ද්‍රව්‍ය ගෙන්වීමට කුමන්ත්‍රණය කිරීම, මාරක අවි සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, ස්වයංක්‍රීය ගිනි අවි සහ විනාශකාරී උපකරණ ඇමරිකාවට එරෙහිව භාවිතා කිරීම සඳහා ළඟ තබා ගැනීම සහ ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා ඊට අයත් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!