27 C
Galle

ගිගුරුම් සහිත වැසි සමග අකුණු අනතුරු

Published:

දිවයිනේ පළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද (06) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව පවසන පරිදි උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී. මීට අමතරව, බස්නාහිර පළාතේත් පුත්තලම සහ යාපනය දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

අද අලුයම් කාලයේදී මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලත් මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින්, එමඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Related articles

spot_img
error: Content is protected !!