26.9 C
Galle

ජෝන් කීල්ස් වටිනාම සමාගම වෙයි

Published:

අද (06) කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අවසානයේ ලියාපදිංචි සමාගම් අතරින් රුපියල් බිලියන 329 ඉක්මවූ ජෝන් කීල්ස් සමාගම කොළඹ කොටස් වෙළඳපළ වටිනාම සමාගම බවට පත්විය. ඒ අනුව පෙර සතියේ ගනුදෙනු අතරතුර රුපියල් බිලියන 325ක කොටස් වටිනාකමක් වාර්තා කළ කොමර්ෂල් බැංකුව අද දින ගනුදෙනු අවසානයේ දෙවන ස්ථානයට පත්විය.

කොටස් වෙළෙඳ පොළ අද දිනයේ ගනුදෙනු 26,880ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,029ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 09ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,126ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා ක්‍රොප් සමාගම රුපියල් මිලියන 815
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 307
  • ටෝකියෝ සිමෙන්ති සමාගම මිලියන 163

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීස්ල් සමාගම කොටස් මිලියන 16
  • ඇක්මී සමාගම  කොටස් මිලියන 08
  • මෙල්ස්ටා ක්‍රොප් කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 25%
  • එස් එන් බී ලිසිං හෝටලය 14%
  • සීගිරි විලේජ් හෝටලය 13%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 329
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 325
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 322

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 65ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 869ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 604ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 35
  • සී ඩී බී බැංකුව රුපියල් මිලියන 15
  • අම්බන් කැපිටල් සමාගම සමාගම මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • මෙල්ස්ටා ක්‍රොප් සමාගම රුපියල් මිලියන 809
  • ලංකා ලුබ්රිකන්ට් රුපියල් මිලියන 14
  • හේලීස් ෆැබ්රික් රුපියල් මිලියන 08

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ  

Related articles

Recent articles

error: Content is protected !!