කොටස් වෙළෙඳ පොළ අද (16) ගනුදෙනු 41,561ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,962ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 327ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,588ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- කීල්ස් හොටෙල් සමාගම රුපියල් මිලියන 354
- සිලෝන් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 346
- සොෆ්ට් ලොජික් කැපිටල් රුපියල් මිලියන 254
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සිලෝන් ලෑන්ඩ් සමාගම කොටස් මිලියන 29
- කීල්ස් හොටෙල් කොටස් මිලියන 20
- ඇක්මි ලියන 16
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස් එන් බී ලිසිං එක්ස් සමාගම 50%
- සොෆ්ට් ලොජික් සමාගම 24%
- ආසිරි සර්ජිකල් සමාගම 21%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 361
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 344
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 333
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 77ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 203ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 126ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- පික්මී සමාගම රුපියල් මිලියන 46
- සම්පත් බැංකුව රුපියල් මිලියන 04
- රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 03
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- හේමාස් සමාගම රුපියල් මිලියන 61
- හේලීස් සමාගම රුපියල් මිලියන 18
- එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 18
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


