අද (17) දින කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අවසානයේ සමස්ථ කොටස් වත්කම බිලියන 361 ඉක්මවමින් ජෝන් කීල්ස් සමාගම පළමු ස්ථානයට පත්විය. බිලියන 345 ඉක්මවූ කොමර්ෂල් බැංකුව දෙවන ස්ථානයට ද බිලියන 333 ඉක්මවූ ලංකා දුම්කොල සමාගම තුන්වන ස්ථානයට ද පත්විය.
කොටස් වෙළෙඳ පොළ අද ගනුදෙනු 42,800ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,974ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 184ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,773ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එන් ඩී බී බැංකුව රුපියල් මිලියන 257
- එච් සෙනිඩ් රුපියල් මිලියන 346
- සොෆ්ට් ලොජික් රුපියල් මිලියන 206
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට් ලොජික් ෆයිනෑන්ස් කොටස් මිලියන 22
- එල් වී එල් එනර්ජි කොටස් මිලියන 12
- සොෆ්ට් ලොජික් කොටස් මිලියන 12
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්සර්මි සමාගම 24%
- එච් සෙනික් සමාගම 20%
- බ්‍රවුන්ස් බීච් හොටෙල් සමාගම 20%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 361
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 345
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 333
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 195ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 391ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 196ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- සී අයි සී සමාගම රුපියල් මිලියන 55
- ඒ සී එල් කේබල්ස් රුපියල් මිලියන 39
- පික්මී සමාගම රුපියල් මිලියන 32
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- හේමාස් හෝල්ඩිංස් සමාගම රුපියල් මිලියන 134
- එන් ඩී බී බැංකුව රුපියල් මිලියන 114
- පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 19
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


