27.8 C
Galle

පෙට්‍රල් සහනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Published:

පෙට්‍රල් වාහන සඳහා QR කේතයකින් තොරව ඉන්ධන ලබා ගැනීමට ලබා දී තිබූ තාවකාලික සහනය අද (අප්‍රේල් 18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වන බව එම සංස්ථාව සඳහන් කරයි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය නිමිත්තෙන් ජනතාවට පහසුවක් සැලසීමේ අරමුණින්, පසුගිය අප්‍රේල් 11 වන දා මධ්‍යම රාත්‍රියේ සිට හෙට දිනය දක්වා පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය සැලකිල්ලට නොගෙන ඉන්ධන නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත්, ඩීසල් වාහන සඳහා මෙම QR සහනය ක්‍රියාත්මක නොවූ අතර, ඔවුන් සඳහා අඛණ්ඩව QR ක්‍රමය යටතේම ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරුණි.

Related articles

spot_img
error: Content is protected !!