බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (18) පස්වරු 1.00න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අද අලුයම් කාලයේදී බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද කාලගුණ වාර්තාවේ සඳහන් වේ.
ලබන අප්‍රේල් මස 20 වන දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් ඉදිරි දින කිහිපය තුළ වර්ෂාපතනයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.


