29.8 C
Galle

හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්, සැකකරුවෙක් අත්අඩංගුවට

Published:

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර ඇති බව පිටිගල පොලිසිය පවසයි.

පිටිගල, බඹරවාන උස්බිම් ජනපදය ප්‍රදේශයේදී ඊයේ (17) මධ්‍යම රාත්‍රී 12.00ට පමණ මෙම සිද්ධිය වාර්තා වී තිබේ.

පොලිසිය පවසන පරිදි, යම් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙන බවට ලැබුණු තොරතුරක් මත ඒ පිළිබඳව සොයා බැලීමට ගිය අවස්ථාවේදී එහි සිටි පුද්ගලයෙකු විසින් මන්ත්‍රීවරයාට මෙම තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කර ඇත. මෙය පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සම්පත් අතුකෝරළ මහතා වහාම ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු එහිදී ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයෙකු පිටිගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද (18) පස්වරුවේ ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!