27.4 C
Galle

අද කොටස් වෙළඳපළ

Published:

කොටස් වෙළෙඳ පොළ අද (20) ගනුදෙනු 45,166ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,114ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 203ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,570ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට් ලොජික් ෆිනෑන්ස් රුපියල් මිලියන 328
  • සිට්‍රස් හික්කඩුව රුපියල් මිලියන 262
  • සොෆ්ට් ලොජික් කැපිටල් රුපියල් මිලියන 226

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සිට්‍රස් හික්කඩුව කොටස් මිලියන 40
  • සොෆ්ට් ලොජික් ෆිනෑන්ස් කොටස් මිලියන 36
  • එස් එම් බී ලීසින් කොටස් මිලියන 24

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සිට්රස් හික්කඩුව සමාගම 13%
  • ඉන්ෂුවර්මි සමාගම 12%
  • ආසිරි සමාගම 12%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 361
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 343
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 332

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 90ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 166ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 79ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 29
  • ඒ සී එල් කේබල්ස් රුපියල් මිලියන 16
  • සී අයි සී සමාගම රුපියල් මිලියන 07

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් රුපියල් මිලියන 50
  • එන් ඩී බී බැංකුව රුපියල් මිලියන 49
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 08

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!