කොටස් වෙළෙඳ පොළ අද (21) ගනුදෙනු 32,225ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,564ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 55ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,625ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සිට්‍රස් ලෙෂර් රුපියල් මිලියන 808
- සොෆ්ට් ලොජික් ෆයිනෑන්ස් රුපියල් මිලියන 421
- සිට්‍රස් හික්කඩුව රුපියල් මිලියන 143
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සිට්‍රස් ලෙෂර් කොටස් මිලියන 191
- සොෆ්ට් ලොජික් ෆිනෑන්ස් කොටස් මිලියන 50
- සිට්‍රස් හික්කඩුව කොටස් මිලියන 21
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ෂුවර්මී සමාගම 13%
- ආසිරි සර්ජිකල් සමාගම 11%
- ඩයලොග් ෆිනෑන්ස් සමාගම 11%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 359
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 344
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 333
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 82ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 63ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 19ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- සී අයි සී සමාගම රුපියල් මිලියන 31
- පික්මී සමාගම රුපියල් මිලියන 22
- සෙෆ්ට් ලොජික් ෆයිනෑන්ස් සමාගම රුපියල් මිලියන 07
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සිලෝන් ලෑන්ඩ් රුපියල් මිලියන 11
- ලංකා දුම්කොළ සමාගම රුපියල් මිලියන 10
- සෙලින්කෝ රක්ෂණ සමාගම එක්ස් රුපියල් මිලියන 07
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


