කොටස් වෙළෙඳ පොළ අද (22) ගනුදෙනු 30,428ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,252ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 14ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,639ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට් ලොජික් ලයිෆ් රුපියල් මිලියන 1484
- සිලෝන් ටුබැකෝ රුපියල් මිලියන 893
- හේලීස් ෆැබ්‍රික් රුපියල් මිලියන 316
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට් ලොජික් ලයිෆ් කොටස් මිලියන 16
- එච් වී ඒ ෆුඩ් කොටස් මිලියන 14
- හේලීස් ෆැබ්‍රික් කොටස් මිලියන 10
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කොලෝනියල් මෝටර්ස් සමාගම 11%
- ජනශක්ති රක්ෂණ සමාගම 09%
- ඊ එම් එල් කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම 06%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමස්ත වත්කම් රුපියල් බිලියන 357
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 343
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 333
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 105ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 2627ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 2521ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- සී අයි සී සමාගම රුපියල් මිලියන 08
- ඩී එෆ් සී සී බැංකුව රුපියල් මිලියන 06
- පික්මී සමාගම රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සිසොෆ්ට් ලොජික් ලයිෆ් රුපියල් මිලියන 1246
- ලංකා දුම්කොළ සමාගම රුපියල් මිලියන 891
- හේලීස් ෆැබ්‍රික් සමාගම රුපියල් මිලියන 292
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


