පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නම සහ දුරකථන අංක අවභාවිත කරමින් පුද්ගලික තොරතුරු ලබාගෙන මූල්‍ය වංචා සිදුකිරීමේ ජාවාරමක් පිළිබඳව එම දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
දෙපාර්තමේන්තුවේ නිල ක්ෂණික ඇමතුම් අංකයට සමාන අංක මෙන්ම ඇතැම් ජංගම දුරකථන අංක භාවිත කරමින් මහජනතාව නොමග යවන ඇමතුම් ලබාදෙන බවත්, රාජ්‍ය ලාංඡනය පවා භාවිත කරමින් ව්‍යාජ ජංගම යෙදුම් (Mobile Apps) සහ වෙබ් අඩවි හරහා ඩිජිටල් හැඳුනුම්පත් සඳහා තොරතුරු රැස්කරන බවත් අනාවරණය වී ඇත.
එබැවින්, එවැනි සැකකටයුතු ඇමතුම් හෝ ව්‍යාජ වෙබ් අඩවිවලට තම පුද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින ලෙසත්, මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සිවිල් වැසියන්ගෙන් ඉල්ලා සිටියි.


