28.1 C
Galle

අදත් පස්වරුවේ වැසි

Published:

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (25) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව මෙලෙස තැනින් තැන වැසි ඇති විය හැකි අතර මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!