30.2 C
Galle

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කුළුණකට නැඟි පුද්ගලයා පොලිසියෙන් බේරා ගනියි

Published:

කොළඹ කොටුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාර්ග සංඥා කුළුණක් මත නැඟ, ගෙල වැලලා ගන්නා බවට තර්ජනය කරමින් පැයකට අධික කාලයක් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු ඊයේ (24) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසයි.

වැලිඔය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මෙම පුද්ගලයා, තමන්ට “බන්ධනයක්” ඇති බවත් එය කපා ගැනීමට ජනාධිපතිවරයා හමුවිය යුතු බවත් පවසමින් අඩි 20ක් පමණ උසැති සංඥා කුළුණ මතට නැඟ තිබේ. පොලිසිය කළ දැනුම්දීම් ප්‍රතික්ෂේප කරමින් ඔහු චීත්ත රෙද්දකින් සාදාගත් තොණ්ඩුවක් ආධාරයෙන් දිවි නසාගන්නා බවට තර්ජනය කරමින් සිට ඇත.

පසුව එම ස්ථානයට කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකයට අයත් ජම්පින් මෙට්ටයක් සහ ඉනිමන් රථයක් ගෙන්වා ඔහුව බේරා ගැනීමට පොලිසිය උත්සාහ කර තිබේ. එම අවස්ථාවේදී ඔහු එකවරම සංඥා කුළුණෙන් පහළට පැන ඇති අතර, වාසනාවකට මෙන් ඔහු ගෙලට දමාගෙන සිටි තොණ්ඩුව කැඩී ගොස් පහළින් අතුරා තිබූ ජම්පින් මෙට්ටය මතට වැටී ඇත.

මෙලෙස බිමට වැටුණු සැකකරු “අනේ මට ගහන්න එපා” යැයි කෑගසමින් කලබල කර ඇති අතර, පසුව පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!