31.6 C
Galle

පාසල් බස් රථයක් අනතුරක, ළමුන් 34ක් රෝහලට

Published:

බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයේ සිට නගරයේ පාසල් වෙත සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (28) උදෑසන අනතුරට ලක්වීමෙන් පාසල් ළමුන් 34 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

උදෑසන 7:30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ රාණිකාඩු – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයේදීය.

ධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය පාලනය කරගත නොහැකි වී ඇත. එහිදී සිදුවිය හැකි මහා විනාශයක් වළක්වා ගැනීම සඳහා රියදුරා විසින් බස් රථය මාර්ගය අසල වූ පස් කන්දක ගැටීමට සලස්වා නතර කර ගැනීමට කටයුතු කර තිබේ.

අනතුරින් තුවාල ලැබූ දරුවන් 34 දෙනා වහාම බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඉන් දසදෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බව බගවන්තලාව ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. එම සිසුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවා ඇත.

රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සෙසු දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related articles

error: Content is protected !!