28.3 C
Galle

පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ්

Published:

බාලවයස්කාර දැරියක අපහරණය කර ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පල්ලේගම හේමරතන හිමියන් මේ මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (09) නියෝග කළේය.

අදාළ හිමියන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 08 වනදා රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිසිය සඳහන් කළේ, වයස අවුරුදු 15ක දැරියක අපහරණය කර රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් 2026 මාර්තු 06 වනදා නිට්ටඹුව පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවයි.

විමර්ශන අතරතුර දැරිය විසින් මීට පෙර සිදුවූ බව කියන ලිංගික අපයෝජන සිද්ධියක් පිළිබඳ තොරතුරු හෙළි කිරීමෙන් අනතුරුව නිට්ටඹුව පොලිසිය සහ කාන්තා හා ළමා කාර්යාංශය එක්ව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම විමර්ශනවලට අනුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබූ අතර විදේශ ගමන් තහනමක්ද පනවා තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මවද සැකකාරියක ලෙස නම් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

error: Content is protected !!