27.5 C
Galle

විෂබීජ නාශක දියර පානය කර රුසියාවේ 07ක් මරුට

Published:

කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතා කරන විෂබීජ නාශක දියර වර්ගයක් පානය කිරීමෙන් රුසියාවේ යකුටියා කළාපයේ හත්දෙනකු මියගොස් තිබේ.

රෝහල්ගත කළ තවත් දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.

ටැටින්ස්කි දිස්ත්‍රික්කයේ ටොම්ටර් ගම්මානයේ පැවති සාදයකදී මත්පැන් වෙනුවට අත්සෝදන දියර පානය කිරීම හේතුවෙන් එම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

මියගිය අය අතර කාන්තාවක ද සිටියි.

සාදයට ගෙනවිත් තිබූ මත්පැන් අවසන් වීමෙන් පසු ඒ වෙනුවට සනීපාරක්ෂක දියර පානය කර ඇතැයි පැවසේ.

එම සනීපාරක්ෂක දියර වර්ගය නිශ්පාදනයේදී මෙතනෝල් 69%ක් යොදාගෙන ඇති බවද පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේදී හෙළවී තිබේ.

සිද්ධිය සම්බන්දව පුලුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

රුසියාවේ නිශ්පාදිත විෂබීජනාශක දියර පානය නොකරන ලෙස සෞඛ්‍ය බලධාරීන් ප්‍රදේශවාසීන්ට අනතුරු අඟවා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!