27.5 C
Galle

ඩයලොග් ආසියාටා සමාගම කොටස් වටිනාකම බිලියන 406 ඉක්මවයි

Published:

අද (01) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් වටානාකම රුපියල් බිලියන 406 ඉක්මවූ ඩයලොග් ආසියාටා සමාගම පළමු ස්ථානයට ද ජෝන් කීල්ස් සමාගම රුපියල් බිලියන 354ක් වාර්තා කරමින් දෙවන ස්ථානයට ද පත්විය. කොළඹ කොටස් වෙළඳපල සමාගම සමස්ථ කොටස් මිල රුපියල් බිලියන 400 ඉක්මවන ලද්දේ දීර්ඝ කාළයකට පසුව වීම විශේෂත්වයකි.

අද දින කොටස් වෙළඳපල ගනුදෙනු 24,106ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,669ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 45ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,265ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම මිලියන 152
  • රිල් ප්‍රොපටි රුපියල් මිලියන 148
  • හැටන් නැෂනල් බැංකුව මිලියන 85

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 7.9
  • එච් එන් බී ෆයිනෑන්ස් සමාගම කොටස් මිලියන 7.3
  • රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 5.3

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස් එම් බී ලීසින් එක්ස් සමාගම 50%
  • රිල් ප්‍රොපටි සමාගම 06%
  • ක්‍රිස් වර්ල්ඩ් සමාගම 06%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 406
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 354
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 342

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 29ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 37ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 08ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • හේකාබ් සමාගම රුපියල් මිලියන 9.5
  • ලංකා මිල්ක් ෆුඩ්ස් රුපියල් මිලියන 7.6
  • අලියාන්ස් රුපියල් මිලියන 04

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 20
  • සී ටී හෝල්ඩිංස් රුපියල් මිලියන 07
  • සම්පත් බැංකුව මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!