අද (24) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 17,020ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,195ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 47ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,208ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම මිලියන 187
- බෝගල ග්‍රැෆයිට් මිලියන 120
- එල් බී ෆිනෑන්ස් සමාගම මිලියන 60
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 09
- එස් එම් බී ලීසින් එක්ස් සමාගම කොටස් මිලියන 06
- ඉඩයලොග් ආසියාටා කොටස් මිලියන 04
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සෙරන්ඩිබ් ලෑන්ඩ් සමාගම 16%
- බෝලග ග්‍රැෆයිට් සමාගම 12%
- ටෙස් ඇග්‍රො එක්ස් සමාගම 07%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 419
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 358
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 343
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 29ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 159ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 130ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 23
- සෙලින්කෝ ඉන්ෂුවරන්ස් එක්ස් රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 114
- ලන්කෙන් ඩිවලොප්මන්ට් රුපියල් මිලියන 31
- සම්පත් බැංකුව රුපියල් මිලියන 02
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



