අද (17) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 18,403ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,557ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 08ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,385ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සණස සංවර්ධන බැංකුව මිලියන 499
- ලංකා අයි ඕ සී සමාගම මිලියන 167
- ලී හෙජස් සමාගම මිලියන 147
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 34
- හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන 10
- සණස සංවර්ධන බැංකුව කොටස් මිලියන 08
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස් එම් බී ලීසින් එක්ස් සමාගම 33%
- හෙළ ඇපරල් සමාගම 14%
- එස් එන් බී ලීසින් සමාගම 11%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 414
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 361
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 345
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 84ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 97ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 13ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- පික්මී සමාගම රුපියල් මිලියන 67
- සී ටී හෝල්ඩිංස් රුපියල් මිලියන 11
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 03
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 58
- මෙල්ස්ටා ක්‍රොප් සමාගම රුපියල් මිලියන 07
- ඩිප් ප්‍රොඩක්ට් සමාගම රුපියල් මිලියන 04
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



