27.1 C
Galle

අද කොටස් වෙළඳපල

Published:

අද (22) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 15,157ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,183ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 107ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,253ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හේමාස් හෝල්ඩිංස් සමාගම මිලියන 211
  • සෙලින්කෝ රක්ෂණ සමාගම මිලියන 124
  • එන් ඩී බී බැංකුව මිලියන 111

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • හේමාස් හෝල්ඩිංස් සමාගම කොටස් මිලියන 06
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 04
  • එස් එම් බී ලීසින් එක්ස් කොටස් මිලියන 01

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • රෝයල් ෆාම් බීච් හෝටලය 08%
  • වැලිබල් පවර් සමාගම 04%
  • හොරණ ප්ලාන්ටේෂන් සමාගම 03%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 422
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 358
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 344

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 03ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 158ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 155ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 0.9

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සෙලින්කෝ රක්ෂණ සමාගම රුපියල් මිලියන 124
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 11
  • කොලෝනියල් මෝටර්ස් රුපියල් මිලියන‍ 07

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!