27.1 C
Galle

අද කොටස් වෙළඳපල

Published:

අද (19) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 18,759ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,878ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 74ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,361ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හේමාස් හෝල්ඩිංස් සමාගම මිලියන 281
  • එන් ඩී බී බැංකුව මිලියන 189
  • ඩයලොග් ආසියාටා මිලියන 150

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 15
  • හේමාස් සමාගම කොටස් මිලියන 08
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස් එම් බී ලීසින් එක්ස් 33%
  • ෆෝට් ලෑන්ඩ් සමාගම 08%
  • ටෙස් ඇග්‍රො එක්ස් සමාගම 07%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 422
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 361
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 345

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 10ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 389ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 379ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • කොමර්ෂල් බැංකුව බැංකුව රුපියල් මිලියන 03
  • ඕවසීස් රියලිටි රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • හේමාස් සමාගම රුපියල් මිලියන 265
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 94
  • සිලෝන් ටුබැකෝ රුපියල් මිලියන‍ 07

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!