27.2 C
Galle

අද කොටස් වෙළඳපල ඉහලට

Published:

අද (18) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 20,984ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,122ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 50ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,436ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • පික්මී සමාගම මිලියන 449
  • ඩයලොග් ආසියාටා සමාගම මිලියන 249
  • එන් ඩී බී බැංකුව මිලියන 181

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 23
  • මහරාජා ෆුඩ්ස් සමාගම කොටස් මිලියන 08
  • එච් එන් බී ෆයිනෑන්ස් කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සිංහ රෝහල 11%
  • මඩොල්සිම වැවිලි සමාගම 06%
  • ඔනලි හෝල්ඩිංස් සමාගම 06%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 420
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 361
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 345

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 161ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 494ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 333ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 22
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් රුපියල් මිලියන 02
  • පෑන් ඒෂියා පවර් රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 181
  • පික්මී සමාගම රුපියල් මිලියන 74
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 21

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!