අද (02) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 123ක කොටස් මිලදී ගත් අතර රුපියල් මිලියන 49ක කොටස් විකුණා තිබේ. ඒ අනුව සමස්ථ ගනුදෙනු අවසානයේ විදේශීය ආයෝජකයන් ශුද්ධ ලෙස රුපියල් මිලියන 74ක මුදලක් කොළඹ කොටස් වෙළඳපල තුළට අලුතින් ආයෝජනය කර ඇත.
අද දින කොටස් වෙළඳපල ගනුදෙනු 21,209ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,019ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 87ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,177ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම මිලියන 290
- එලිෆන්ට් හවුස් සමාගම මිලියන 203
- ලංකා ලුබ්රිකන්ට් සමාගම මිලියන 155
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 14
- හෙල ඇපරල් සමාගම කොටස් මිලියන 06
- එච් එන් බී ෆයිනෑන්ස් සමාගම කොටස් මිලියන 06
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 20%
- කාගෝ බෝට් සමාගම 07%
- පෙගසස් හොටෙල් 05%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 403
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 354
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 342
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 123ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 49ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 74ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- පික්මී සමාගම රුපියල් මිලියන 50
- හේකාබ් රුපියල් මිලියන 31
- එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 17
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- හේමාස් සමාගම රුපියල් මිලියන 08
- සම්පත් බැංකුව රුපියල් මිලියන 08
- ඩී එෆ් සී සී බැංකුව මිලියන 06
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



