27.8 C
Galle

අද කොටස් වෙළඳපල

Published:

අද (04) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 26,634ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,787ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 250ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,760ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා ලුබ්රිකන්ට් සමාගම මිලියන 299
  • ඩයලොග් ආසියාටා සමාගම මිලියන 133
  • ටෙක්ස්ටර්ස් ජර්සි මිලියන 116

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන 28
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 06
  • එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කැලි ඔප්ටිමම් ෆන්ඩ් සමාගම 10%
  • ටෙස් ඇග්‍රො එක්ස් සමාගම 07%
  • පින් කෙයාර් සමාගම 06%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 376
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 354
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 340

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 105ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 197ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 92ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම රුපියල් මිලියන 25
  • හේකාබ් රුපියල් මිලියන 15
  • ජෝන් කීල්ස් රුපියල් මිලියන 09

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සෙලින්කෝ රක්ෂණ සමාගම එක්ස් රුපියල් මිලියන 74
  • ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 60
  • සම්පත් බැංකුව මිලියන 18

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!