27.9 C
Galle

ගංවතුර අවදානමක් නොවෙයි, ජීවිතයත් මරණයත් අතර තීරණයක්! ගංවතුරෙන් ජීවිත දේපල රැකගමු

Published:

පසුගිය කාලයේ රට තුළ ඇති වූ ආපදා තත්ත්වයන් සමඟ අප සැමවිටම ආරක්ෂාව පිළිබඳව දැඩිව සැලකිලිමත් විය යුතුයි. ග්‍රැෆික් සටහනේ දැක්වෙන පරිදි ජීවිතය රැකගැනීම වෙනුවෙන් මේ ප්‍රධාන පියවර 3 අනිවාර්යයෙන්ම මතක තබාගන්න:

ගංවතුරට පෙර (සූදානම): කාලගුණ නිවේදන ගැන අවධියෙන් සිටින්න. වැදගත් ලියකියවිලි, ඖෂධ ඇතුළත් ‘හදිසි බෑගයක්’ සහ දුරකථන/Power Banks කලින්ම සූදානම් කරගන්න.

ගංවතුර පවතින විට (ආරක්ෂාව): ජලය නිවසට ඒමට පෙර ආරක්ෂිත තැන්වලට යන්න. විදුලි ස්විචය (Trip Switch) අක්‍රිය කරන්න. කිසිවිටෙකත් ගංවතුර ජලයට බැසීමෙන් වළකින්න.

ගංවතුර බැස ගිය පසු (ප්‍රවේශම): වයරින් පද්ධතිය පරීක්ෂා කරන තුරු විදුලිය නොදමන්න. ජලය හොඳින් උණුකර නිවා පානය කරන්න. මී උණෙන් බේරීමට මඩ වතුරේ පා වැසුම් නොමැතිව ගමන් නොකරන්න.

හදිසි ඇමතුම් අංක මතක තබා ගන්න

සුවසැරිය ගිලන්රථ සේවය: 1990

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය: 117

බුද්ධිමත්ව සූදානම් වී ඔබේත්, ඔබේ ආදරණීයයන්ගේත් ජීවිත සුරක්ෂිත කරගන්න! මෙම පණිවිඩය බෙදාගෙන අනෙක් අයවත් දැනුවත් කරන්න.

Public Service Announcement (PSA) project යටතේ Rata.lk විසින් සිදුකරන ප්‍රජා සේවාවකි.

Related articles

spot_img
error: Content is protected !!