අද (08) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 31,031ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,613ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 340ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,403ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම මිලියන 455
- ඒ සී එල් කේබල්ස් සමාගම මිලියන 294
- හැටන් නැෂනල් බැංකුව මිලියන 290
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 23
- සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 03
- හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන 03
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කැරේණුක හෝල්ඩිං එක්ස් සමාගම 08%
- ඩර්ඩ්න්ස් එක්ස් සමාගම 04%
- මඩොල්සිම සමාගම 04%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 379
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 350
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 339
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 78ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 132ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 54ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- හේලීස් සමාගම රුපියල් මිලියන 20
- හේකාබ් රුපියල් මිලියන 14
- ලංකා මිල්ක් ෆුඩ්ස් රුපියල් මිලියන 08
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ජෝන් කීල්ස් රුපියල් මිලියන 97
- සම්පත් බැංකුව රුපියල් මිලියන 09
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



