27.3 C
Galle

අද කොටස් වෙළඳපල ඉහලට

Published:

අද (09) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 18,252ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,164ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 143ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,547ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හේලීස් සමාගම මිලියන 421
  • අබාන්ස් ඉලෙක්ට්‍රිකල් සමාගම මිලියන 280
  • ජෝන් කීල්ස් සමාගම මිලියන 237

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන 13
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 12
  • රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස් එම් බී ලීසින් එක්ස් සමාගම 50%
  • එස් එම් බී ලීසින් සමාගම 12%
  • පෝට් ලෑන්ඩ් සමාගම 12%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 404
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 348
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 341

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 50ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 28ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 22ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • හේමෙල්ස්ටා ක්‍රොප් සමාගම රුපියල් මිලියන 18
  • ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 06
  • ප්‍රයිම් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 05
  • ලංකා ලුබ්රිකන්ට්ස් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!