අද (10) දින කොළඹ කොටස් වෙළඳපල අවසානයේ විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 90ක කොටස් මිලදීගෙන තිබූ අතර රුපියල් මිලියන 34ක කොටස් විකුණා ඇත. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 56ක මුදලක් අළුතින් කොළඹ කොටස් වෙළඳපල තුළ ආයෝජනය කර තිබේ.
අද කොටස් වෙළඳපල ගනුදෙනු 16,934ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,666ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 85ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,461ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හේලීස් සමාගම මිලියන 325
- ලංකා ලුබ්රිකන්ට් සමාගම මිලියන 202
- කොමර්ෂල් බැංකුව මිලියන 112
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 16
- ජනශක්ති ලිමිටඩ් සමාගම කොටස් මිලියන 07
- හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන 04
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඩර්ඩන්ස් එක්ස් සමාගම 07%
- ටෙස් ඇග්‍රො එක්ස් සමාගම 07%
- ෆෝට්රස් හොටෙල් සමාගම 06%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 404
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 350
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 341
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 90ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 34ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 56ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ජනශක්ති ලිමිටඩ් සමාගම රුපියල් මිලියන 30
- ලංකා මිලික් ෆුඩ්ස් සමාගම රුපියල් මිලියන 25
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 16
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ලංකා ලුබ්රිකන්ට්ස් රුපියල් මිලියන 16
- සම්පත් බැංකුව රුපියල් මිලියන 15
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



