අද (11) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 33,208ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,664ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 191ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,270ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම මිලියන 292
- සම්පත් බැංකුව මිලියන 197
- කොමර්ෂල් බැංකුව මිලියන 78
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එච් එන් බී ෆයිනෑන්ස් ආර් සමාගම කොටස් මිලියන 17
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 14
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම කොටස් මිලියන 05
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 20%
- අම්බන් හෝල්ඩිංස් සමාගම 06%
- ටෙස් ඇග්‍රො සමාගම 0ෙ5%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 400
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 348
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 340
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 99ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 183ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 84ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- පික්මී සමාගම රුපියල් මිලියන 32
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 21
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 13
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සම්පත් බැංකුව රුපියල් මිලියන 137
- ලංකා ලුබ්රිකන්ට් රුපියල් මිලියන 20
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



