28.2 C
Galle

දකුණු මුහුදේ Blue Bottle (ජෙලි ෆිෂ්) අවදානමක්, ගාල්ල කොටුව මුහුදෙන් විෂ වැදීම් වාර්තා වෙයි

Published:

දකුණු සහ නිරිතදිග මුහුදු තීරයේ දිය නෑම සහ වෙනත් විනෝදාත්මක කටයුතුවල නිරත වන ජනතාව වහාම දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස නිරීක්ෂකයෝ පවසති.

සාමාන්යයෙන් ‘ජෙලිෆිෂ්’ ලෙස හඳුන්වන නමුත් අතිශය විෂ සහිත ‘බ්ලූ බොට්ල්’ (Blue Bottle) හෙවත් Physalia වර්ගයේ සත්ත්වයන් මුහුදු වෙරළට පැමිණීම මීට හේතුවයි. මේ වන විටත් ගාල්ල කොටුව ආශ්රිත මුහුදු තීරයේදී මෙම සත්ත්වයාගේ විෂ වැදීමෙන් පීඩා විඳි පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ.

මාතර පොල්හේන මුහුදු තීරයෙන් ද මෙම සතුන් වාර්තා වී ඇති බැවින් මුහුදු වෙරළ පරිහරනය කිරීමේදි ප්‍රවේශම් වන ලෙස පොලිසිය ඉල්ලා තිබේ.

‘බ්ලූ බොට්ල්’ යනු කුමක්ද?

සාගර ජීව විද්යාඥයන් පෙන්වා දෙන්නේ මෙම සත්ත්වයා සැබෑ ජෙලිෆිෂ් විශේෂයක් නොවන බවයි. ‘බ්ලූ බොට්ල්’ යනු විශේෂිත ජීවීන් සමූහයකින් සමන්විත ‘සයිෆනොෆෝර්’ (Siphonophore) වර්ගයේ සත්ත්වයෙකි. එහි නිල් හෝ දම් පැහැති වායු බුබුලක් වැනි කොටස මුහුදු මතුපිට පාවෙන අතර, මීටර් කිහිපයක් දිග සූත්රිකා (Tentacles) මගින් ගොදුරු අල්ලා ගනී.

මෙම සූත්රිකා මිනිස් සම ස්පර්ශ වීමෙන් දැඩි වේදනාවක්, පිළිස්සීමක්, සම මත රතු පැහැති ලප ඇතිවීම සහ ඇතැම් විට දරුණු අසාත්මිකතා (Allergic reactions) ඇති විය හැකිය.

වෙරළට පැමිණීමට හේතුව කුමක්ද?

විශේෂඥයන් පවසන පරිදි, සුළං සහ මුහුදු ධාරා සෘජුවම මෙම සත්ත්වයන් වෙරළට පැමිණීමට හේතු වේ. වෙරළ දෙසට හමන තද සුළං (Onshore winds) නිසා මෙම සත්ත්වයන් විශාල වශයෙන් වෙරළට ගසාගෙන ඒමේ අවදානමක් පවතී.

කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පසුගිය දිනවල ගාල්ල ඇතුළු දකුණු සහ බස්නාහිර මුහුදු ප්රදේශවලට තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි. එම කාලගුණික වෙනස්වීම් මෙම සත්ත්වයන් වෙරළට පැමිණීම ඉහළ නැංවීමට හේතු වී ඇති බව සාගර නිරීක්ෂකයෝ පවසති.

හදිසි ප්රතිකාර හා වැළැක්වීම

යම් හෙයකින් මෙම සත්ත්වයෙකුගේ විෂ ශරීරගත වුවහොත්,

බලපෑමට ලක් වූ ස්ථානය කිසිසේත් අතුල්ලන්න හෝ පිරිමදින්න එපා

එම ස්ථානය වහාම පිරිසිදු මුහුදු ජලයෙන් සෝදා හරින්න

අපහසුතාව දරුණු ලෙස පවතී නම් ප්රමාද නොකර වෛද්ය ප්රතිකාර ලබාගන්න

වෙරළ තීරයේ වැතිර සිටින මියගිය බ්ලූ බොට්ල් සත්ත්වයන් පවා විෂ සහිත බව මතක තබා ගන්න. ඒවායේ සූත්රිකාවල විෂ සක්රීයව පැවතිය හැකි බැවින් කිසිදු විටක අතින් ස්පර්ශ නොකරන්න. දරුවන් ද මේ පිළිබඳව දැනුවත් කර ආරක්ෂා කර ගන්න.

Related articles

spot_img
error: Content is protected !!