අද (12) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 20,296ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,992ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 367ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,637ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මිලියන 239
- ප්‍රයිම් ලෑන්ඩ් සමාගම මිලියන 128
- පික්මී සමාගම මිලියන 107
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එච් එන් බී ෆයිනෑන්ස් ආර් සමාගම කොටස් මිලියන 5.4
- එස් එම් බී ලීසින් එක්ස් සමාගම කොටස් මිලියන 5.3
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම කොටස් මිලියන 4.8
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස් එම් බී ලීසින් එක්ස් සමාගම 50%
- එච් එන් බී ෆයිනෑන්ස් ආර් 1 සමාගම 27%
- එච් එන් බී ෆයිනෑන්ස් ආර් 0 සමාගම 20%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 403
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 354
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 341
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 39ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 15ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 24ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 30
- කලම්බු ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 02
- සම්පත් බැංකුව රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- යූනියන් ඇෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 05
- ලංකා ඇලුමීනියම් සමාගම රුපියල් මිලියන 03
- සී ඩබ් මැකී සමාගම රුපියල් මිලියන 01
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



