27.3 C
Galle

සටන් විරාමය මැද කොළඹ කොටස් වෙළඳපල ඉහලට

Published:

අද (15) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 35,785ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,003ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 745ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,380ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ආසිරි සර්ජිකල් සමාගම මිලියන 443
  • ප්‍රයිම් ලෑන්ඩ් සමාගම මිලියන 198
  • අමානා තකාෆුල් සමාගම මිලියන 176

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ආසිරි සර්ජිකල් සමාගම කොටස් මිලියන 23
  • හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන 15
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 12

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම 18%
  • සොෆ්ට්ලොජික් සමාගම 16%
  • ප්‍රයිම් ලෑන්ඩ් සමාගම 16%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 419
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 363
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 347

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 77ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 56ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 21ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • එයිට්කන් ස්පෙන්ස් රුපියල් මිලියන 57
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 09
  • ජෝන් කීල්ස් රුපියල් මිලියන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 11
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 08
  • ලංකා ඇලුමීනියම් සමාගම රුපියල් මිලියන 05

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!