27.6 C
Galle

වඳින්න ගිය දේවාලය හිසට කඩා වැටෙයි

Published:

කරන්දෙණිය, මහගොඩ ප්‍රදේශයේ පිහිටි අම්පිටිය දේවාල භූමියේදී මී ගසක අත්තක් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාවක අද (26) ජීවිතක්ෂයට පත්ව ඇති බව කරන්දෙණිය පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවකි.

පොලීසිය සඳහන් කළේ, ඇය වන්දනා කටයුත්තක් සඳහා මහගොඩ අම්පිටිය දේවාලයට පැමිණ සිටියදී දේවාල භූමියේ තිබූ විශාල මී ගසක අත්තක් හදිසියේ කඩා වැටී ඇයගේ සිරුර මත පතිත වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව ප්‍රදේශවාසීන් විසින් වහාම බලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබුණද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් බලපිටිය රෝහලේදී මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර, ගසෙහි අත්ත කඩා වැටීමට හේතුව සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර තිබේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කරන්දෙණිය පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Related articles

spot_img
error: Content is protected !!