රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
ආනයනය කරන ලද වාහන 1,025ක් පමණ හම්බන්තොට වරායේ තවමත් නිදහස් කරගෙන නොමැති බවත් ,ආනයනකරුවන් විසින් ඒවා නිදහස් කරගැනීමේ ක්‍රියාවලිය තවමත් අවසන් කර නොමැති බව ශ්‍රී ලංකා රේගුවට පෙන්වා දෙනවා
රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසුවේ, මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි වාහන අතුරින් වාහන 625ක් මාස හයකට වැඩි කාලයක් තිස්සේ වරායේ පවතින බවයි. එමෙන්ම, මෙම කිසිදු වාහනයක් රේගු වරදකට යටත් වී නොමැති බවද ඔහු පැහැදිලි කළේය.
එමෙන්ම මෙම වාහන රේගු ආඥාපනතේ 129 වැනි වගන්තියට අනුව, කිසිදු රේගු නීති උල්ලංඝනය කිරීමක් සිදු කර නොමැති වුවද, බාර නොගෙන ඇති මෙම වාහන ඉදිරියේදී වෙන්දේසි කිරීමට හෝ ටෙන්ඩර් පටිපාටියක් හරහා විකිණීමට කටයුතු කරන බව පුංචිහේවා මහතා පැවසීය.
”ශ්‍රී ලාංකේය නීතියට අනුව, ආනයනය කරන ලද සියලුම භාණ්ඩ අදාළ බදු ගෙවීමෙන් පසුව ඒවා පැමිණ මාසයක් ඇතුළත නිදහස් කරගත යුතුය. ආනයනකරුවන් එසේ කිරීමට අපොහොසත් වුවහොත්, භාණ්ඩ විකුණා රජයට අයවිය යුතු බදු අය කරගැනීමටත්, වරාය සහ ගබඩා ගාස්තු පියවා ගැනීමටත් රේගුවට නීතිමය බලතල තිබේ” සියලුම අදාළ බදු සහ ගාස්තු අඩු කිරීමෙන් පසුව ඉතිරි වන යම් මුදලක් වේ නම්, එය ආනයනකරු වෙත ගෙවනු ලැබන බවද ඔහු සඳහන් කළේය
ආනයනික භාණ්ඩ මාසයකට වැඩි කාලයක් නිදහස් කර නොගෙන පවතින විට ඒ පිළිබඳව ශ්‍රී ලංකා රේගුව දැනුවත් කිරීමට වරාය බලධාරීන් බැඳී සිටින බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙලෙස බාර නොගෙන ඇති වාහන පිළිබඳව රේගුව දැනටමත් දැනුවත් කර ඇති අතර, ඒවා ඉවත් කිරීමට (අපහැරණය කිරීමට) අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, නියමිත කාලය ඇතුළත තම වාහන නිදහස් කරගැනීමට නොහැකි වූයේ මන්දැයි සාධාරණ හේතු දැක්විය හැකි ආනයනකරුවන්ගේ ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමට රේගුව සූදානම් බවද පුංචිහේවා මහතා වැඩිදුරටත් පැවසීය.



