30 C
Galle

මහර බන්ධනාගාරය අවට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට, රැඳවියන් 20ක් බූස්ස බන්ධනාගාරයට

Published:

මහර බන්ධනාගාරයේ ඊයේ (01) ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු බන්ධනාගාරය අවට ග්‍රාම නිලධාරී වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව පොලීසිය නිවේදනය කළේය.

පොලිසිය සඳහන් කළේ, 246 කෙන්දලියද්ද පාර බටහිර, 246 සී කෙන්දලියද්ද පාර උතුර සහ 181 ජී දඹුව යන ග්‍රාම නිලධාරී වසම් සඳහා පැනවූ මෙම ඇඳිරි නීතිය අද (02) ඉවත් කළ බවයි.

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ මෙම පියවර ගෙන තිබුණි.

මේ අතර, සිද්ධියෙන් පසු මහර බන්ධනාගාරයේ රැඳවියන් 20 දෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ, නොසන්සුන්තාවය හේතුවෙන් බන්ධනාගාරයේ ගොඩනැගිලි සහ දේපළවලට සැලකිය යුතු අලාභ හානි සිදුව ඇති බවයි. ප්‍රධාන ජේලර් කාර්යාලය, සිරකරු ලියාපදිංචි අංශය, රෝහල සහ තවත් ස්ථාන කිහිපයකට හානි සිදුව ඇති බවද වාර්තා වේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බන්ධනාගාර අතිරේක නිලධාරීන් යොදවා තිබූ අතර, මේ වනවිට බන්ධනාගාරය තුළ සහ අවට ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ තවදුරටත් රඳවා සිටින බව වාර්තා වේ.

සිද්ධියට හේතු වූ කරුණු, සිදුවූ අලාභ හානි සහ නොසන්සුන්තාවට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් පොලීසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටියි.

Related articles

spot_img
error: Content is protected !!