30 C
Galle

ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙකු පලා යයි

Published:

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු අද (02) අලුයම බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මෙලෙස පලාගොස් ඇත්තේ අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ගෙවල් බිඳුම් සහ සොරකම් සම්බන්ධ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබූ අතර, බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි අයෙකි.

අද උදෑසන රැඳවියන්ගේ නාමලේඛනය පරීක්ෂා කිරීමේදී අදාළ රැඳවියා බන්ධනාගාර පරිශ්‍රයේ නොමැති බව නිලධාරීන් නිරීක්ෂණය කර ඇත. ඒ අනුව සිදු කළ වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු බන්ධනාගාරයේ ආරක්ෂක තාප්පයෙන් පැන පලාගොස් ඇති බවයි.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අතර, ඔහු සැඟවී සිටිය හැකි ස්ථාන සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය එක්ව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!