28.3 C
Galle

අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!

Published:

දිවයින පුරා දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හෙට (04) උදෑසන දක්වා පවතිනු ඇති බවත්, හෙට දහවල් කාලය වන විට එහි යම් අඩුවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපයේදී නැවතත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් වර්ධනය වීමේ අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ජපානයට දකුණින් වූ පැසිෆික් සාගර කලාපයේ මේ වන විට සක්‍රීය වෙමින් පවතින ‘ටයිෆූන්’ (Typhoon) කුණාටු පද්ධතියේ බලපෑම හේතුවෙන් ලබන 06 වැනිදා සිට නැවතත් දින කිහිපයක් මෙරටට වැසි සහිත කාලගුණයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේය.

මෙම ටයිෆූන් කුණාටුවේ බලපෑමත් සමග විශේෂයෙන්ම,

බස්නාහිර සහ සබරගමුව පළාත්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක

යන ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයක පහත්බිම් ප්‍රදේශවලට තවදුරටත් ගංවතුර අවදානම් පැවතිය හැකි බැවින්, මහජනතාව සහ නිරන්තරයෙන් ගංගා පරිහරණය කරන පිරිස් විමසිලිමත්ව පසුවන ලෙස ආපදා කළමනාකරණ අංශ ඉල්ලා සිටී.

Related articles

spot_img
error: Content is protected !!