28.9 C
Galle

දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්

Published:

දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් හදිසි ආරක්ෂක කමිටු රැස්වීමක් පවත්වා තිබේ.

දකුණු පළාත් බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු මත ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බව සඳහන් වේ.

පසුගියදා මීගමුව සහ මහර බන්ධනාගාරවල ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් හා සමාන තත්ත්වයක් දකුණු පළාතේ බන්ධනාගාරවලද ඇති කිරීමට සූදානමක් පවතින බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබේ.

ඒ අනුව බූස්ස, ගාල්ල, මාතර, අඟුණකොළපැලැස්ස සහ වීරවිල යන බන්ධනාගාරවල ආරක්ෂක තත්ත්වය පිළිබඳව විමර්ශනය කර අවශ්‍ය පියවර ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම හදිසි අවස්ථාවක වහා ක්‍රියාත්මක විය හැකි පරිදි කඩිනම් ප්‍රතිචාර යාන්ත්‍රණයක් සකස් කිරීමට ද මෙහිදී තීරණය කර තිබේ.

මෙම සාකච්ඡාව දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ව සූදානම් ක්‍රියාමාර්ගයක් ලෙස පවත්වා ඇති බව සඳහන් වේ.

Related articles

spot_img
error: Content is protected !!